නෝර්වේ රාජ්‍ය ලේකම්වරිය අද යාපනයට
දිවයිනට පැමිණ සිටින නෝර්වේ විදේශ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් මාරිඈන් හාගන් මහත්මිය අද යාපනයේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.
එහිදී ඇය බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යය පිළිබඳව නිරීක්ෂණය කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකාවේ නෝර්වේ තනාපති කාර්යාලය සඳහන් කළේ.
මේ අතර මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 7ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ද නෝර්වේ රාජ්‍ය එකඟ වී තිබෙනවා.
දිවයිනට පැමිණි නෝර්වේ රාජ්‍ය ලෙකම්වරිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් ද ඊයේ හමුවුණා.
නෝර්වේ තානාපති කාර්යාලය සඳහන් කළේ මෙරට මානව හිමිකම් කොමිසමේ හා අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ නිලධාරීන් සමග ද ඇය ඊයේ (05) සාකච්ඡා කළ බවයි.