පක්ෂ නායකයින් යළි හමුවෙයි – කථානායකවරයාගේ කාමරයේ
පක්ෂ නායකයින් අතර රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායකවරයාගේ නිල කාමරය තුළ සිදුකෙරෙමින් තිබෙනවා.
එම රැස්වීම අතරතුර ද පක්ෂ නායකයින් අතර උණුසුම් කතාබහක් ද ඇතිවූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
මද වේලාවකට එම රැස්වීම නතර කෙරුණු අතර, නැවත මේ වන විට ආරම්භ වී තිබෙනවා.
එම රැස්වීමේදී පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10 දක්වා කල්තැබීමට තීරණය කර තිබෙනවා.