පාකිස්තාන මනාල මනාලියන්ගෙන් සිංහ පැටවුන්ට අතවර
සිංහ පැටවකු ආසන්නයේ තබා ගනිමින් වීඩියෝ පටිගත කිරීමක් සිදුකළ පාකිස්තාන මනාල යුවලක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
ලාහෝර් නුවර ඡායාරූප ශාලාවක් තුළ ලබාගෙන ඇති මෙම ඡායාරූප සහ වීඩියෝ පට ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලය ඔස්සේ පළකිරීමත් සමග මෙම විරෝධය එල්ල වී ඇත.
විරෝධය ආරම්භ කර ඇත්තේ පාකිස්තානයේ සත්ව සුබසාධන සංවිධානයක් වන සේව් ද වයිල්ඩ් (Save The Wild)ය.
එම සංවිධානය මෙම මංගල වීඩියෝ පටයක් පන්ජාබයේ වනජීවී හා උද්භිදවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ඇමුණුමක් යොමුකරමින් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ සිංහ පැටව් බේරා ගැනීමට මැදිහත් වන ලෙසයි.
‘පන්ජාබ් වන ජීවි නිලධාරීන් විසින් සිංහ පැටවකු කුලියට ගැනීම සඳහා අවසර ලබාදී තිබේද?’ යනුවෙන් සේව් ද වයිල්ඩ් එහිදී වැඩිදුරටත් ප්‍රශ්න කර තිබේ.
වනජීවි සංවිධානයේ මෙම මැදිහත්වීමත් සමග අදාළ වීඩියෝ පටය දහස් ගණනින් හුවමාරු වී තිබේ.
මෙම වීඩියෝව හේතුවෙන් උද්ගත වී ඇති මහජන විරෝධය මත සත්ව සුබසාධනය පිළිබඳව පාකිස්තානයේ අවධානය නැවත ගොඩනැගී ඇතැයිද ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.
නයන තරංග ගමගේ