News

පතොරම් තොගයක් සමඟ හමුදා සෙබලෙකු අත්අඩංගුවට

ස්වංක්‍රිය ගිනි අවි සඳහා යොදා ගන්නා පතරොම් සහ ගුවන් යානා නාශක අවි වලට යොදා ගන්නා පතරොම් තොඟයක් සමඟ රිදීමාලියද්ද ප්‍රදේශයේදී යුද හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සන්තකයේ තිබී ස්වංක්‍රිය ගිනි අවි සඳහා යොදා ගන්නා පතරොම් 273ක්, ගුවන් යානා නාශක ස්වංක්‍රිය අවි සඳහා යොදා ගන්නා පතරොම් 73ක්, ගිනි අවි සඳහා යොදා ගන්නායකඩ බැරල් 02ක් සෙයොගත් බව පොලිසිය සඳහන් කරයි

මෙම සැකකරු වයස අවුරුදු 36ක් වන මන්නාරම යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබලෙකි.

එම සැකකරු අද(06)දින මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත්කිරීමට කිරිමට නියමිතය.