News

පරාජය වූ අමාත්‍යංශ දෙකක වැය ශිර්ෂ අද යලි පාර්ලිමෙන්තුවට

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දී විපක්ෂය විසින් පරාජයට පත් කළ පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂ අද යළි පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරයි.

ඊයේ (02) පාර්ලිමේන්තුවේදී රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබද දැනුම් දුන් බව වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්විමට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගෙන් සිදුකල විමසිමකදි ඔහු කියා සිටියේ වැය ශීර්ෂ යළි විවාදයට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේදී දැනුම් දී ඇති බවය.