පරිප්පුවලටත් පාලන මිලක්
පරිප්පු ආනයනකරුවන්ට සහනයක් ලබාදෙමින් දේශීය වෙළෙඳ පොළේ පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 60 කට අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධානය යොමුකර ඇත.
ලබන සතියේදී මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය. දැනට වෙළෙඳ පොළේ පරිප්පු කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 130 කටය.
පරිප්පු ආනයනකරුවන් සඳහා රුපියල් 70 ක සහනයක් ලබාදීමට රජයේ අවධානය යෙමු කර ඇති බව වාර්තා වෙයි.
මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ ණය ලබාගත් ව්‍යාපාරිකයන් රැසක් නිෂ්පාදන මිලදී ගෙන සඟවාගෙන ඇති බව අනාවරණය වී තිබේ.
උදයජීව ඒකනායක
