News

පරිප්පු-ටින් මාළු සහනයට රු.කෝටි 200ක්

පරිප්පු සහ ටින් කළ මාළු සඳහා සහනය ලබාදීමට රජය රුපියල් කෝටි 200ක මුදලක් වැයකරන බව ඇමැති මණ්ඩල රැස්වීමේදී ඊයේ (18 වැනිදා) අනාවරණය වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම් පැවැත් විණි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වීමේ වාසිය මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලැබූ ලාභයෙන් මෙම මුදල පියවා ගැනීමට නියමිතය.

උදයජීව ඒකනායක