News

යාපනය යුධ හමුදාව හා පුනරුත්තාපනය ලැබු එල් ටි ටි සාමාජිකයින් අතර සාකච්ජාවක්

වර්තමානයේ රට තුළ පවතින ආරක්ෂක තත්වය හමුවේ යුධ හමුදා නිළධාරීන් හා පුනරුත්තාපනය ලැබු යාපනය දිස්ත්‍රික්කයේ ජිවත්වන හිටපු එල් ටි ටි සාමාජිකයින් අතර සාකච්ජාවක් ඊයේ(30) යාපනය 512 බළසේනා මූලස්ථානයේදී පැවැත්විණ.

රට තුළ පවතින තත්වය හමුවේ යාපනය දිස්ත්‍රික්කයේ ආරක්ෂාව වෙනුවෙන් යුධ හමුදාව හා හිටපු එල් ටි ටි සාමාජිකයින් ස‍හයෝගයෙන් ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදි සාකච්ජා පැවැත්විණ.

යාපනය දිස්ත්‍රික්කය වෙත සැක සහිත පුද්ගලයින් පැමිණ සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙසට යුධ හමුදා නිළධාරීන් හිටපු එල් ටි ටි සාමාජිකයින්ගෙන් ඉල්ලීම් කරනු ලැබීය.

දෙපාර්ශවයේ සහයෝගයෙන් වර්තමානයේ එල්ල වි ජාත්‍යන්තර ත්‍රස්තවාදය පරාජය කළ යුතු බව හිටපු එල් ටි ටි සාමාජිකයින් හා යුධ හමුදා නිළධාරීන් සාකච්ජා කළහ.

යාපනය දිස්ත්‍රික්කයේ ජිවත්වන ජනතාව ආරක්ෂා කර ගැනීමට එක්වන ලෙසට යුධ හමුදා නිළධාරීන් හිටපු එල් ටි ටි සාමාජිකයින්ගෙන් ඉල්ලීම් කළහ.

වවුනියාව – මාධව කුලසූරිය