News

පස්සර අනතුරින් මියගිය සහ තුවාල ලැබූවන්ට මුදල් ලබා දෙයි

ලුණුගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස්රථයක් පස්සර 13 කණුව අසලදී, ඉකුත් 20 වනදා අඩි 250 ක පමණ ප්‍රපාතයට පෙරළී සිදු වූ මාරක අනතුරින් ජීවිතක්ෂයට පත්වු සහ තුවාල ලැබූවන් වෙනුවෙන් මුදල් ලබා දීම අද (27) ලුණුගල බහුකාර්ය ගොඩනැගිල්ලේදී සිදු විය.

ජීවිතක්ෂයට පත්වු මගීන් 14 දෙනා වෙනුවෙන් රුපියල් 95,000 බැගින් මුදලක් ලබාදීමට සහ තුවාල ලැබු මගීන් 32 දෙදෙනෙකුට රුපියල් 15,000 බැගින් මුදල් ලබාදීමට කටයුතුකර තිබුණි.

ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් රුපියල් 30,000ක්, ගමනාගමන කොමිෂන් සභාවෙන් රුපියල් 25,000ක් ලීසිං සමාගමෙන් රුපියල් 25,000 ක් සහ ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් රුපියල් 15,000ක් ලෙස මරණකරුවන් වෙනුවෙන් ලබාදීමට කටයුතුකර තිබුණි.

එම අනතුරෙන් තුවාල ලැබූ පිරිසට රුපියල් 15,000 බැගින් ගමනාගමන කොමිෂන් සභාව විසින් ලබා දී ඇත