පස්සර බස් අනතුරේ රියදුරා බීමත්දැයි පරීක්ෂණ
මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස්රථයක් ප්‍රපාතය කට පෙරළී සිදුවුණ අනතුරේ බස්රථයේ රියදුරා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සිද්ධිය වන අවස්ථාවේ ඔහු කිසියම් මත් ද්‍රව්‍යයක් හෝ මත්පැන් ලබාගෙන තිබුණේ ද යන්න හෙළි කර ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවත් වාර්තා වී තිබේ.
මේ සඳහා ඔහුගේ මුත්‍රා සහ රුධිර සාම්පල ලබාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
ටිපර් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් බසය ඉදිරියට ධාවනය වන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව ඇති අතර ඒ අනුව ටිපර් රථය හඳුනා ගත් බව ද පොලිසිය සඳහන් කරයි.