පසුගිය මාස කිහිපයට ඇමැතිට හොරෙන් ලං.වි.ම. බිලියන ගණන් ණය අරන්
ලංකා විදුලිබල මණ්ඩලය විෂය භාර ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව පසුගිය මාස කිහිපයේ දී රුපියල් මිලියන දස දහසකට (10000) අධික ණය මුදලක් රාජ්‍ය බැංකුවලින් ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.
රාජ්‍ය ආයතන මෙවැනි ණය මුදල් ලබා ගැනීමට පෙර විෂය භාර ඇමැතිවරයාගෙන් අනුමැතිය ලබා ගත යුතු වුවද ලංකා විදුලිබල මණ්ඩලය අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත පමණක් ණය ලබා ගෙන තිබේ. මේ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ඇමැති මහින්ද අමරවීර ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත්ට දැනුම් දී ඇත. මෙවැනි ණය මුදලක් ලබා ගැනීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ද ඇමැතිවරයා දැනුවත් කර තිබේ.
උදයජීව ඒකනායක
