පසුගිය රජය සියළු දේ කරගෙන ගියේ ජවිපෙ සහාය හා ආශිර්වාදය ඇතුව – යාපාගෙන් චෝදනා
පසුගිය රජයේ පැවැත්ම වෙනුවෙන් පෙනීසිටි ජනතා විමුක්ති පෙරමුණ අද ඇමතිවරුන් වාහන ගෙන්වීම ගැන දඟලන්නේ බොරුවට. සියළු දේ කරගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණේ සහාය හා ආශිර්වාදය ඇතිවයි.
හැමදාම අරලියගහ මන්දිරයට රිංගා ජනතා විමුක්ති පෙරමුණු නායකයා රනිල් එක්ක එකතුවී තීන්දු තිරණ ගත් බව වාරිමාර්ග හා ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
සපිරි ගමක් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ වැලිගම ගල්බොක්ක ඒ, එචි. එම් . හුසේන් හාජීයාර් මහජන සේවා මධ්‍යස්ථානයේ දෙමහල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට 08 වැනි දින එක්වෙමින් එලෙස පැවසූ අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
අද කෑමොරදෙන ජනතා විමුක්ති පෙරමුණ පසුගිය ආණ්ඩු සමයේ විපක්ෂයේ අය හිරේ දාන්න අරලියගහ මන්දිරයටවී පිඹුරුපත් සකස්කළා.
ඒ කාලයේ රජය සිදුකළ හැම කටයුත්තක් පිටුපසම ජනතාවිමුක්ති පෙරමුණ සිටියා. දැන් ඔවුන්ට ලැබුණු වරප්‍රසාද නැතිවුනාම බොරවට කෑ ගහනවා. පසුගිය කාලයේ සිදුවූ සියළු දේවල් ජනතාව හොඳින් දන්නවා.
ජයසිරි පේදුරුආරච්චි
