පසුම්බියේ රු 400 වැඩිනම් පොලිස් පොඩ්ඩන්ට නඩු
රථවාහන රාජකාරි සදහා පොලිස් ස්ථානයෙන් බැහැර වන නිලධාරින්ට සිය පසුමිබියේ රැගෙනයා හැක්කේ රුපියල් 400ක් පමණක් බවට වූ නියෝගයක් පොලිස් මූලස්ථානය නිකුත් කර ඇත.
රථවාහන රාජකාරි සිදු කරනු ලබන නිලධාරින් රියදුරන්ගෙන් අල්ලස් ලබා ගැනීම වැළක්වීමේ අරමුණින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙම නියෝගයට අනුව පොලිස් නිලධාරීන් රාජකාරි සදහා පොලිස් ස්ථානයෙන් බැහැර වන විට පොලිස් ස්ථානයේ දෛනික කාර්යභාර නිලධාරිවරයාට පෙන්වා සිය පසුමිබිය රැගෙන යායුතු වේ. පසුව ජංගම මුර සංචාරය අතර තුරදී එම නිලධාරින් පරික්ෂාවට ලක් කෙරේ.
එහෙත් මෙම පරික්ෂාවට ලක් කෙරෙන්නේ කොස්තාපල් හා සැරන් නිලයේ නිලධාරින් පමණි.