පහළොවෙන් පසු පොලිස්පති පුටුව හිස් අලුත් නමක් තාම නෑ
නව පොලිස්පති ධුරය සඳහා අනුමැතිය ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙතෙක් ව්‍යවස්ථාදායක සභාව වෙත නමක් යෝජනා කර නැතැයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළේය.
අනිවාර්ය නිවාඩු යවා සිටින පූජිත් ජයසුන්දර මෙම 15 වැනිදා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය.
ඒ වෙනුවට නව පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන නම අනුමත කිරීම දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාදායක සභාව විසින් සිදු කරයි.
පාර්ලිමේන්තුව විසුරුවා ඇතත් ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මීළඟ පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ මන්ත්‍රීවරුන් දිවුරුම් දෙනතුරු ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ධුරය හිටපු කථානායක කරු ජයසූරියට සහ සාමාජිකත්වය හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනාට දැරිය හැකිය.
ඒ අනුව කරු ජයසූරිය හිටපු කථානායකවරයා අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ, ආර්. සම්බන්ධන්, තලතා අතුකෝරල සහ බිමල් රත්නායක යන අයට ව්‍යවස්ථාදායක සභාවට තවදුරටත් සහභාගි විය හැකිය.
ජයන්ත දනපාල, නාගානන්ද සෙල්වකුමාරන් සහ ජාවෙඩ් යූසුප් යන සිවිල් නියෝජිතයන්ද මෙහි සාමාජිකයෝ වෙති.
අජිත් අලහකෝන්
