පහ වසර ශිෂ්‍යත්වයේ සිට සරසවියෙන් පිටවෙනතුරු එකම විභාග අංකයක්
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සිට සරසවි අධ්‍යාපනය අවසන් වන තුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා එකම විභාග අංකයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
ඒ සඳහා දත්ත පද්ධතියක් සකස් කරන අතර එහි කටයුතු සියයට අනූවකින් අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත ප්‍රකාශ කරයි.
ඒ අනුව පහ වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සරසවි විභාග සඳහා එකම විභාග අංකයකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙනී සිටීමට සිදුවෙයි.
දෙවන අදියර යටතේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව උප්පැන්න සහතිකයේ සඳහන් අංකයටම රජයේ සියලුම විභාග ලිවීමට අවස්ථාව ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
විභාගවලට පෙනී සිටීමේදී විභාග අපේක්ෂකයන්ට පහසුවීම සහා විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේදී ද මෙය ඉතා පහසු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.
උදයජීව ඒකනායක