News

පළමුවරට “තනිකම “නැති කරන්න ඇමතිවරයෙක් පත්කෙරේ

 

 

කාර්ය බහුලත්වය මත ඇති වන හුදකලා වීම් හමුවේ ජපානයේ සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉහල අගයක් ගෙන ඇති බව පැවසෙනවා. මේ කාරණය හේතුවෙන් පළමු වරට ජපානය ‘තනිකම’ පිළිබඳව අමාත්‍යවරයෙකු ( Loneliness Minister ) පත්කර තිබේ.

ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් එම පත්කිරීම සිදුකර ඇති අතර එම අමාත්‍යධුරය ‘තනිකම’ පිළිබඳ කැබිනට් අමාත්‍යධුරයක් වනවා.

එම කැබිනට් අමාත්‍යධූරය ලැබී ඇත්තේ ටෙට්සුෂි සකමොටෝ (Tetsushi Sakamoto) මහතාටය.

සමාරම්භක ප්‍රවෘත්ති සාකච්ඡාවේදී “ටෙට්සුෂි සකමොටෝ” කියා සිටියේ, කොවිඩ් වසංගතය හමුවේ කාන්තාවන්ගේ සියදිවි නසා ගැනීමේ අනුපාතය වැඩිවීම ඇතුළුව ජාතික කාරණා පිළිබඳව තමා පත් කළ බවත්, අදාළ අමාත්‍යාංශය සමග සම්බන්ධ වී මෙම ගැටලුවට පුළුල් උපාය මාර්ගයක් ඉදිරිපත් කරන ලෙස ජපාන අග්‍රාමාත්‍යවරයා තමාට උපදෙස් දුන් බවත් ය.

තවද සමාජ තනිකම සහ හුදෙකලාව වැළැක්වීම සහ මිනිසුන් අතර සබඳතා ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඒමට තමා බලාපොරොත්තු වන බවද ටෙට්සුෂි සකමොටෝ මහතා සඳහන් කර ඇත.