පළමු වාරය ආරම්භයේදීම පාසල් සිසුන්ට පෙළපොත් නිල ඇඳුම් හා සපත්තු වව්චර්පත්
2020 වසරේ පාසල් වාරය ආරම්භයේදීම පාසල් සිසු සිසුවියන්ට පෙළපොත්, නිල ඇඳුම් හා සපත්තු වව්චර්පත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එහි ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා සදහන් කළේ හෙට දින සිට එම කටයුත්ත සිදුකරන බවයි.
සපත්තු වව්චර්පත් මේ වන විට පාසල් හා කොට්ඨාස කාර්යාල වෙත බෙදා හරිමින් සිටින බව ද චිත්‍රානන්ද මහතා වැඩිදුරටත් සදහන් කළේය.
