News

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 16 වන දා

2019 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 16 වැනිදා සිට සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ සදහා සියලු පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් ඇතුළත් චක්‍ර‌ලේඛයක් නිකුත් කර ඇති බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.

පළමු ශ්‍රේණියට සිය දරුවා ඇතුළත් කිරීම සදහා පාසල් නොලැබුණ හොත් ඒ පිළිබදව පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා හමුවී දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.