පළාත් සභා මන්ත්‍රී කුහවර්ධන් දැරූ සියලු තනතුරුවලින් ඉවත් කරයි
රුපියල් කෝටි 7ක චෙක්පත් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එස්. කුහවර්ධන්ව ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ දැරූ සියලු තනතුරුවලින් ඉවත්කරන බව එම පෙරමුණේ නායකයා වන අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.
අගුරු වූ චෙක් පත් ලබාදී රුපියල් ලක්ෂ 720ක මුදලක් වංචා කිරීම හේතුවෙන් එම පළාත් සභා මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගත් අතර ඔහුව හෙට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.