News

පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක්ද බලාපොරොත්තු විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.