News

පළාත් සභා මැතිවරණය ඉතාමත් ඉක්මනින් පවත්වනවා

පළාත් සභා මැතිවරණය ඉතාමත් ඉක්මනින් පවත්වන බව අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් අද පෙරවරුවේදී ඔහු මේ බව සඳහන් කළ අතර පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම වෙනුවෙන් ජාතික කමිටුවක් පත්කර ඇති බවත් සීමා නිර්ණ ගැටලු හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල් ගොස් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.