පළාත් සභා මැතිවරණය ගැන ජනපතිගේ අයදුම්පත විභාගයට ගැනීම අද
සීමා නීර්ණ කමිටු වාර්තාව ඉදිරිපත් කර නොමැති අවස්ථාවකද පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මතය විමසා ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති අයදුම්පත අද ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ විභාගයට ගැනීමට නියමිතව ඇත.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ වන අතර මෙම අයදුමපතට අදාලව අතරමැදි පෙත්සම් කිහිපයක්ද ඉදිරිපත්ව ඇති අතර ඒවාද අද සලකා බැලීමට නියමිතව ඇත.
සීමා නීර්ණ කමිටු වාර්තාව ඉදිරිපත් කර නොමැති අවස්ථාවක මැතිවරණ පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 9 වනදා අදාළ අයදුම්පත යොමු කර තිබේ.
