News

පළාත් සභා 6 ක ඡන්ද විමසීම කඩිනමින් පැවතීමට ගොනුකළ පෙත්සම සලකා බැලීම ලබන 2 වනදා

නිල කාලය අවසන් වී ඇති පළාත් සභා 6 ක ඡන්ද විමසීම කඩිනමින් පැවතීම සදහා මැතිවරණ කොමිෂන් සභාව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම ලබන 2 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

අදාළ පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැදවූ අවස්ථාවේදී එය තීන්දු කර ඇති අතර සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජිකයින් 9 දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.

දැනට නිල කාලය අවසන් වී ඇති සබරගමුව, උතුර, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ යන පළාත් සභා සදහා නියෝජිතයින් තෝරා ගැනීමට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි එම පෙත්සම මගින් පෙත්සම්කරුවන් ඉල්ලා සිට ඇත්තේ.