පළාත් හයක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කරයි
පළාත් හයක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කර ඇත.
ඔවුන් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිය ධුරයන්හි දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය,මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලලිත් යූ ගමගේ මහතා, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රාජා කොල්ලුරේ මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය විලී ගමගේ මහතා, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා හා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටිකිරි කොබ්බෑකඩුව මහතාද පත් කා ඇත.
