News

ප්‍රංශයට යාමට උත්සහ කළ 06දෙනා 19 වනදා දක්වා රිමාන්ඩ්

නීතිවිරෝධීව මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රංශයට යාමට උත්සහ කළ 06දෙනා මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ (06) ඔවුන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

මොවුන් ඊයේ අලූයම හලාවත මෝය ආසන්නයේදී පැමිණි කැබ් රථයත් සමඟ අත්අඩංගුවට පත්විය.