News

ප්‍රංශයෙන් ආ වෛද්‍ය කණ්ඩායමක් වවුනියාවේ වෛද්‍ය සායනයක් පවත්වයි

ප්‍රංශයේ සිට පැමිණි වෛද්‍ය කණ්ඩායමක් ප්‍රදේශයේ අස්ථි රෝග හා අනෙකුත් රෝග පවතින රෝගීන්ට තෙරපි ක්‍රමය මගින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ වෛද්‍ය කදවුරක් ඊයේ (12) දිනය පුරා වවුනියාව වෛරවපුලියන්කුලම ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී පවත්වනු ලැබීය.

වවුනියාව විරුච්චම් හා වින්මීන් ප්‍රජා සංවිධානයන්ගේ මෙහෙයවීම මත පැමිණි වෛද්‍ය කණ්ඩායම ප්‍රදේශයේ වැඩිහිටි පිරිස් වෙත තෙරපි ක්‍රමය මගින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සිදුකරනු ලැබීය.

කොදු නාරටිය ආශ්‍රිත රෝගී තත්වයන්,බෙල්ල ආශ්‍රිත රෝගයන් හා හන්දි රෝගී තත්වයන් වෙනුවෙන් තෙරපි ක්‍රමය මගින් ප්‍රතිකාර ලබාදීම එහිදි සිදුකෙරිණ.

ප්‍රංශයේ සිට පැමිණි වෛද්‍යවරුන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෛද්‍ය කදවුර වෙනුවෙන් සහභාගිවි සිටි අතර,වෛද්‍යවරුන් ‍දින කිහිපයක කාලයක් වවුනියාවේදී වෛද්‍ය කදවුර වෙනුවෙන් සහභාගිවීමට නියමිත බවද සංවිධාකයින් පැවසීය. ප්‍රංශ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගැනීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

වවුනියාව – මාධව කුලසූරිය