ප්රදේශ කිහිපයකට පස්වරු 1.00 සිට ජලය නැහැ
ජලය සපයන ප්රධාන සම්ප්රේශන නලයේ බිඳ වැටීමක් හේතුවෙන් ප්රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුකර තිබේ.
ඒ අනුව අද (27) දහවල් 1.00 සිට රාත්රී 8.00 දක්වා පැය 7 කාලයක් කොළඹ තැන් කිහිපයක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්රවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැල්න්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ හා පාදුක්ක යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.