ප්‍රදේශ කිහිපයකින් ත්‍රීරෝද රථ සොරකම් කිහිපයක්ම
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ත්‍රීරෝද රථ සොරකම් 04ක් පමණ ඊයේ (07) සිදුව ඇති බව වාර්තා වී තිබේ.
එම සොරකම් සිදුව ඇත්තේ කුරුවිට, ඇහැළියගොඩ, කැලණිය සහ පල්ලෙකැලේ යන ප්‍රදේශවල දී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙලෙස සොරකමේ නිරත ත්‍රීරෝද රථ කොළඹ නගරයේ ස්ථාන කිහිපයකට සහ කොළඹින් පිටත ස්ථාන කිහිපය කටත් අලෙවි කරන බවත් හඳුනා ගෙන ඇත.
එම ස්ථාන සම්බන්ධයෙන් වැටලීම් කිරීමට ක්‍රියාකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.