ප්‍රදේශ කිහිපයක පැය 24ක් ජල කප්පාදුවක්
පෑලියගොඩ,වත්තල,ජා-ඇළ,කටුනායක,සීදූව,කැළණිය,බියගම,මහර,දොම්පෙ,ගම්පහ ප්‍රදේශීය සභා බල ප්‍රදේශ වලට හෙට(10) දින ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
හෙට පෙරවරු 08.00 සිට පසුදින පෙරවරු 08.00 දක්වා පැය 24ක කාලයක් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද විදුලි උප පොලෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.