ප්‍රදේශ රැසකට අද සවස් කාලයේ අකුණු සහිත වැසි
අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ සබරගමුව සහ උතුරු මැද පළාත්වලත් වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ මොණරාගල දිස්ත්‍රික්වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම සබරගමුව වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක 100ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමිටර් 70ක 80ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇතිවීමේ හැකියාවක් ;පවතින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
