News

ප්‍රධාන පක්ෂ දෙකක කණ්ඩායම් රැස්වීම් ආරම්භ වෙයි

ප්‍රධාන පක්ෂ දෙකක කණ්ඩායම් රැස්වීම් මේ වන විට පාර්ලිමේන්තු කාරක සභා කාමර තුළ ආරම්භ වී තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති අතර, එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙමින් තිබෙන බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අතර අද පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විසින් කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවට එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරනවා.

රට තුළ හටගෙන ඇති දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක කර්මාන්තය කඩා වැටීම පිළිබදව එම කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන බවයි එම ආරංචිමාර්ග විසින් සඳහන් කළේ.

අද පස්වරු 1ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.