News

ප්‍රපාතයට පෙරලුන බස්රථ අනතුරේ මරණ ගණන ඉහලට

මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස්රථයක් ප්‍රපාතය කට පෙරළී සිදුවුණ අනතුරේ මරණ ගණන 14ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.

අද (20) උදෑසන 7.15 ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් එලෙස ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

පොලිසිය පැවසුවේ බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවය.

එසේම අනතුරින් 31 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා කරුවන් සඳහන් කරයි.