News

ප්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනකුගේ දූෂණ අක්‍රමිකතා විමර්ශන ලිපිගොනු ජනපතිගේ අවධානයට

පසුගිය රජය සමයේ යට ගසා තිබුණු බව කියන ප්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනකුගේ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධ ලිපිගොනු කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානයට යොමු කිරීමට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කටයුතු කර ඇත.

මෙම ලිපිගොනු අයත් වන්නේ සෞඛ්‍ය, ධීවර, අධ්‍යාපන, විදුලිබල, මහවැලි ප්‍රවාහන ඇතුළු අමාත්‍යාංශ කිහිපයකටය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා