ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන නිවේදිකාවක, හඬකැවීම් ශිල්පිනියක සහ ගේය පද රචිකාවියක වන කුසුම් පීරිස් අභාවප්‍රාප්ත වී ඇත.
මියයනවිට ඇය 71 වන වියේ පසුවු අතර මාස 6 ක කාලයක සිට හෘදරෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳි ඇය ඊයේ (21) රාත්‍රියේ අසාද්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකිරීමට රැගෙන යන අවස්ථාවේ අභාවප්‍රාප්ත වී ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා කඩවත – ඇල්දෙණිය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.
1972 වසරේ සහන නිවේදිකාවක ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට බැඳුණු කුසුම් පීරිස් ඒ ශ්‍රේණියේ නිවේදිකාවක ලෙස 1986 වසරේ ගුවන් විදුලියේ ස්ථිර සේවයට එක්ව නිවේදිකාවක ලෙස කටයුතු කරන අතරතුර නෙරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය ගායන කරන නිසංසලේ මා තනියෙන් ගීතය රචනා කරමින් ගේය පද රචනයට ද එක්වූ කුසුම් පීරිස්, ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ, හිත මිතුරු සුළඟ, අසුරු සැනින් එක මොහොතකදී, දිගු නෙත් හසරැල්ලේ, සිතුවිලි සිරවී, හිත ගාව දඟ කළා ආදී ගීත රැසක් රචනා කර ඇත.
