News

ප්‍රසන්නගේ නඩුව සාක්ෂි සටහන් කරගැනීම අවසන් – වැඩිදුර විමසීම 14වනදා

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංගට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව අද(01) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන ඇත.

කොළඹ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර බලහත්කාරයෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංගට එරෙහිව චෝදනා එල්ල වී තිබුණු අතර කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වවිණි.

පැමිණිලිකාර ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස් නමැත්තාගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන් කර ඇති අතර වැඩිදුර විමසීම ලබන 14 වනදාට කල් තබා ඇත.