ප්‍රාථමික සිසුන්ට අද සිට කිරි පැකට්ටුවක්
ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙත දෛනිකව උදෑසන දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (23) ආරම්භ කිරීමට නියමිතයි.
ඒ, රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දීය.
2025 වන විට ශ‍්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම හා ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවිම යන අරමුණු පෙරදැරිව මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි “කිරෙන් සපිරි දැයක්” තේමාව යටතේ කි‍්‍රයාත්මක මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලය සහ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය එක්ව සංවිධානය කරනු ලබන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ පශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහය දෙයි.
මෙම වැඩසටහනේ පළමු පියවර වශයෙන් පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්ෂ හතරකට දිනකට කිරි මිලි ලීටර් 150ක් ලබාදීම සිදු වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව රස කළ කිරි වෙනුවට ප‍්‍රමිතිගත දියර කිරි පැකැට්ටුවක් ලබාදීම සිදු වෙයි. රජය මේ සඳහා වසරකට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දහසකි.
