ප්‍රේම හුටපටයක් නිසා පොලිස් කොස්තාපල්ට වැඩ වරදී
පාසලේ පවත්වා ගෙන ගිය ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් තම දරුවාට දඩුවම් කළ පාසල් ගුරුවරයෙකුට පාසල තුළට ගොස් බැන වැදුණු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
ගුරුවරයා විසින් දඩුවම් කළ බව කියන 17 හැවිරිදි පාසල් සිසුවෙකු ප්‍රතිකාර ලබා ගැනීමට යැයි පවසා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් වී ඇත. පසුගිය 24 වැනිදා ගුරුවරයා විසින් පාසල් සිසුවාට පාසල තුළදී දඩුවම් කිරීම සිදු කර ඇති අතර එම සිද්ධිය වන විට සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඔහු සේවය කරන නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි සේවා ස්ථානයේ සිට ඇත.
සිද්ධිය දැන ගැනීමෙන් පසුව නිවසට පැමිණ ඇති පොලිස් කොස්තාපල්වරයා 26 වැනිදා පාසලට ගොස් ගුරුවරයාට බැන වැදී ඇති බව පොලීසිය කියයි.
සිසුවාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. ආණමඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරගෙන යයි.