පාකිස්තානය කිසිදු අවස්ථාවක ත්‍රස්තවාදයකට සහය දෙන්නේ නෑ – ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්
පාකිස්තානය කිසිදු අවස්ථාවක, කිසිදු ආකාරයක ත්‍රස්තවාදයකට සහය නොදක්වන බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය ෂහීද් අහ්මඞ් හෂ්මත් මහතා කොළඹ දී ඊයේ (25) පැවසිය.
පාකිස්තානය සෑම අවස්ථාවකදීම සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීම සූදානම් සහ විවෘත බව මහ කොමසාරිස්වරයා සඳහන් කළ අතර පාකිස්තානය කලාපීය මෙන්ම ගෝලීය සහයෝගීතාව සඳහා කැප වී සිටින බව ද පාකිස්තාන ජාතික දිනය වෙනුවෙන් කොළඹ ගලදාරි හෝටලයේ පැවැති උත්සවයකදී මහ කොමසාරිස් ආචාර්ය ෂහීද් අහ්මඞ් හෂ්මත් මහතා එම කරුණු සඳහන් කළේය.
පාකිස්තාන ජාතික දිනය වෙනුවෙන් පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය ෂහීද් අහ්මඞ් හෂ්මත්, අමාත්‍ය රවුෆ් හකීම් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු එක්ව කේක් ගෙඩියක්ද කැපූහ