News

පාකිස්තාන අගමැති රැගත් යානයට ඉන්දීය ගුවන් අවකාශය හරහා පියාසර කිරීමට අවසර

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා රැගත් ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය හරහා පියාසර කිරීමට ඉන්දියාව අවසර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (23) පස්වරු 4.15ට මෙරටට පැමිණීමට නියමිතය.

මෙම වසරේ මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන පාකිස්තානු අගමැතිවරයා, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අගැමති මහින්ද රාජපක්ෂ විසින් පිළිගැනීමට නියමිතය.

මෙම පිළිගැනීමේ උත්සවය සඳහා කැබිනට් ඇමැතිවරුන් රැසක්ද ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගි වනු ඇත.