පාකිස්ථාන ජාතිකයින් 7කට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
පාකිස්ථාන ජාතිකයින් 7 දෙනෙකුට මෙරටට හෙරොයින් ආනයනය කිරීම සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.
සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් 4 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රේගුව මගින් වන අතර විවිධ ක්‍රම ඔස්සේ ඔවුන් ගුවන්තොටුපොළ හරහා මෙරටට ගෙන ඒමට තැත්කර ඇති හෙරෙයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 3 කට අධික බව වාර්තා වෙයි.
