News

පාතාල නායක කොස්ගොඩ සුජී ඇතුළු 5ක් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තු

මෙරටදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරෝයින් තොගය ඇතුළු මත්ද්‍රව්‍ය එවීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සුජි ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියට විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.

කොටුව වැඩබලන නිලනොලත් මහේස්ත්‍රාත්වරිය විසින් අද(01) මෙම නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

පසුගියදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක රථගාලකදී කිලෝග්‍රෑම් 295 ක් වූ මේ මත්කුඩු තොගය සමඟ අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනො අද (01) අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

මෙම හොරොයින් තොගය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම වැටලීම ලෙස ද පොලීසිය විසින් අධිකරණයට පෙන්වා දුන්නා.

පසුව පොලිස් මත්ද්‍රව්‍ය නිවාරන කාර්යංශය විසින් අධිකරණය වෙත කරුණු දක්වමින් පෙන්වා දුන්නේ එකී හෙරොයින් තොගය ශ්‍රී ලංකාව වෙත එවා ඇත්තේ මේ වන විට ඩුබායි රාජ්‍ය රැඳී සිටින කොස්ගොඩ සූජීව සහ ඇන්තනී මයිකල් මෙරීල් ඇතුළු සැකකරුවන් පස් දෙනා බවට සැකකරුවන්ගෙන් ලබාගත් තොරතුරු අනුව අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව අදාළ සැකකරුවන් දෙදෙනා එළඹෙන 05 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව වැඩබලන නිලනොලත් මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළා.