News

පාන් මිල යළි පහලට

පාන් රාත්තලක් සඳහා වැඩි කල රුපියල් 05ක මිල අද පෙරවරුවේ සිට යලි අඩුකළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසිය.

තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 8යි සත 20කින් වැඩිකිරීම නිසා පාන් රාත්තක්ලක මිලද ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 05කින් වැඩිකිරීමට බේකරි හිමියන් තීරණය කරණ ලදී.

නමුත් යළි පැරණි මිලටම තිරිඟු පිටි සැපයුමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් තමන්ට ලිකිතව දැනුම්දීම නිසා පාන් රාත්තලක් නැවත පැරණි මිලටම අලෙවි කිරීමට තීරණය කළ බව සභාපතිවරයා කිවේය.

සාලිය කුමාර ගුණසේකර