පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරිමේ සූදානමක් ඇති බවට අසත්‍ය තොරතුරු ලබාදුන් අයෙක් මාට්ටු
පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරිමේ සූදානමක් ඇති බවට අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පැය 24ක් තුළ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වූ බව මේ පිළිබඳව අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
දුරකතන කුළුණු ඔස්සේ විමර්ශනය කර මෙම අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයා ඇල්ල පොලීස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු අහමඩ් භාවා මොහොමඩ් නැවැති අවුරුදු 57ක පුද්ගලයෙකු වන අතර බොරුල්ලේ පදිංචිකරුවෙකු වන මොහු ඇල්ල ප්‍රදේශයේ නිවසක කුලියට පදිංචිව සිටියදී අත්අඩංගුවට ඇත.
