News

පාර්ලිමේන්තුව අද පස්වරු 1ට රැස්වෙයි

අර්බුදකාරී දේශපාලන වාතාවරණයක් මධ්‍යයේ අද පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

කථානායක කාර්යාලය නිවේදනය කළේ අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට පෙර අද දහවල් 12.00ට පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සදහා සියලු දේශපාලන පක්ෂ වල නායකයින්ට ආරාධනා කර ඇති බව කථානායක කාර්යාලය සඳහන් කළේ.

පසුගිය සභාවාරය අවසන් කිරීමෙන් පසුව 14 වනදා පළමු වරට පාර්ලිමේන්තුව රැස් වුණා.

එහිදී ඇති වූ අර්බුදකාරී තත්ත්වය අනුව 15 වන දිනට පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයා විසින් පියවර ගනු ලැබුවා.

ඉන් අනතුරුව 15 වන දින රැස් වූ අතර එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගැටළුකාරී තත්ත්වයත් සමග
පාර්ලිමේන්තුවේ කටයුතු යළිත් 16 වන දිනට කල් තැබුණා.

එදින ද පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ අශෝභන හැසිරීම හේතුවෙන් කථානායකවරයා විසින් අද පස්වරු 1.00 දක්වා පාර්ලිමේන්තුව කල්තැබීමට පියවර ගත්තා.