පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වෙයි
පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිතව තිබෙනවා.
අද දිනයේත් පාර්ලිමේන්තු මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත මෙන්ම ආරාධිත ගැලරියට ඇතුළුවීමට කිසිදු අවසරයක් ලබාදී නොමැති බවයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පවසන්නේ.
මේ අතර අද පාර්ලිමේන්තුව සඳහා ආණ්ඩු පක්ෂය සහභාගි වනවා ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවට තොරතුරු වාර්තා වනවා.
අද ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීම සහ ඉදිරි ක්රියා මාර්ග පිළිබදව තීරණ ගැනීමට නියමිත බවටයි දේශපාලන ආරංචි මාර්තා වාර්තා කරන්නේ.
මේ අතර අද දිනයේ ද පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගෙන තිබෙනවා.