News

පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වෙයි

පාර්ලිමේන්තු සැසිවාරය අද (12) පස්වරු 1.00ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සම්බන්ධ යෝජනාව අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද ඇතුළත් කර ඇති බවට වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, පලනි දිගම්බරම්, මංගල සමරවීර සහ රිෂාඩ් බදියුදීන් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 දෙවැනි ව්‍යවස්ථාවට අනුව ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම්දීම සදහා වු යෝජනාවක් ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

අද දිනයේදී ද මහජන ගැලරිය සහ කථානායකවරයාගේ ආරාධිත අමුත්තන් සදහා වන ගැලරිය ද වසා දමා තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුව රැස්වීමට පෙර අද පෙරවරු 11.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.

එහිදී පාර්ලිමේන්තු න්‍යය පත්‍රයට ඇතුළත් කරන සෙසු යෝජනා සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිතව තිබෙනවා.