පාර්ලිමේන්තුව අද පෙරවරුවේ යළි රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (23) පෙරවරු 10.30 ට යළි රැස්වීමට නියමිතයි.
අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු මුදල් අමාත්‍යංශයට අදාළ රෙගුලාසි කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ සභාව කල් තැබීමේ යෝජනාවක් ගෙන ඒමට නියමිතව තිබේ.
අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් ලබා නොදීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරු ඊයේ (22) පාර්ලිමේන්තුවේදී සිය විරෝධය පළ කළහ.
විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව මධ්‍යයේ කතානායකවරයා සඳහන් කළේ, අද දින පක්ෂ නායක රැස්වීමේදී ඒ සඳහා දිනයක් ලබාදීමට කටයුතු කරන බවයි.
මේ අතර විශ්වාසභංග යෝජනාව සම්බන්ධ තීන්දුවලට එළඹීම අරමුණු කර ගනිමින් අදාළ පක්ෂ නායක රැස්වීම අද පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිතයි.