News

පාර්ලිමේන්තුව අද පෙ.ව. 10.30ට රැස්වෙයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

අද දිනයේ පාර්ලිමේන්තුවේදී අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිත බවට පාර්ලිමේන්තුවේ සිටින අප වාර්තාකරුවන් පවසනවා.

මේ අතර අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද දිනයේදී  පාර්ලිමේන්තු කටයුතු සදහා ආණ්ඩු පක්ෂය සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබදව කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව එම තීරණය ගනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.