News

UPDATE: පක්ෂ නායක රැස්වීම අවසන් – පාර්ලිමේන්තුව කැඳවීම පෙරවරු 10.00ට

9.10 am Update : කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුන පක්ෂ නායක රැස්වීම මේ වන විට අවසන් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

——————————————————————————————————————————————–

පාර්ලිමේන්තුව අද (14) පෙරවරු 10.00ට කැඳවන බවට කථානායක මාධ්‍ය අංශය විසින් ඊයේ (13) නිවේදනයක් නිකුත් කර තිබුණා.

පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථමයෙන් අද උදෑසන 8.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වීමට නියමිත අතර එය මේ වන විට ආරම්භ වී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.