News

Update : මැතිසබය විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අවසන් – තීරණය දෙන තෙක් අතුරු නියෝගය දීර්ඝ කරයි

ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය, තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් දීර්ඝ කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ඒ, අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින්.

පුරා දින හතරක් තිස්සේ පැවති විභාගය අවසන් කිරීමෙන් පසුවයි අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධීව බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ආරම්භ කෙරුණු ඉකුත් 04 වැනි දින ඒතැන් සිට අද දක්වා දිනපතා පෙත්සම් විභාගය සිදු වුණා.

—————————————————————————————————————————————–

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අද සිව්වැනි දිනටත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සිව්වැනි දිනට විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ, අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා විසින් පසුගිය 09 වන දා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය හෙට (08) දක්වා දීර්ඝ කෙරුණා.

අතරමැදි පෙත්සම් කරුවන් විසින් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා.

පෙත්සම්කරුවන් ඊට ප්‍රතිචාර දක්වමින් කරුණු දැක්වීම අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.